I LOVE YOU ❤️🦠☠️
I LOVE YOU කියලා ඊමේල් එකක් ආවොත් මොකද කරන්නෙ?...... මේ කතාව ඒ ගැන. I LOVE YOU, LOVE BUG සහ LoveLetter යන නම් වලින් හදුන්වනු ලබන්නේ Social Engineering භාවිත වූ ලොව පලමු පරිගනක worm වර්ගයේ පරිගනක අනිෂ්ඨ මෘදුකාංගයකි. මෙය Social Engineering භාවිතයෙන් ඊමේල් Attachment හරහා ව්‍යාප්ත වූ අතර මෙහි නිර්මාතෲ වූයේ පිලිපීන ජාතික Onel De Guzman වේ. ඔහු AMA Computer College එකෙහි ඉගෙනුම ලැබූ 24 හැවිරිදි පරිගනක විද්‍යාව හදාරන සිසුවෙකි. ඒ 2000 වසරේදීය. මෙම වයිරසය ව්‍යාප්ත වීමේදී Email එකෙහි Subject එක ILOVEYOU ලෙස යොදාගෙන තිබුනි. එහි Attachment එකෙහි නාමය LOVE-LETTER-FOR-YOU.TXT.vbs ලෙස තිබූ අතර එකල පරිගනක වල file extention එක නොපෙන්වූ නිසා එය LOVE-LETTER-FOR-YOU.TXT ලෙස දිස් වූ අතර එය .vbs වර්ගයේ පරිගනක ප්‍රෝග්‍රෑම් එකකි. එය මෙම attachment එක මත ක්ලික් කල පසු අනිෂ්ට මෘදුකාංගය පරිගනකයට Download වූ අතර මෙය තමාට ආදරය කරන පුද්ගලයෙකු විසින් එවන ලද්දක් බව සිතා මෙය open කිරීමේදී මෙම අනිෂ්ඨ මෘදුකාංගය ක්‍රියාත්මක වූ විය. මෙහි ප්‍රධාන අරමුන වූයේ පාස්වර්ඩ් සොරකම් කිරීමයි. මෙම අනිෂ්ඨ මෘදුකාංගය මගින් ප...